යම් ප්‍රදේශයක නීතිවිරෝධී මත්පැන් පවතින්නේ නම්, අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වගකිව යුතු බවට සදහන් චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
පොළොන්නරුව – වාරිමාර්ග ක්‍රීඩාංගනයේ අද පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ ලබාදීමේ උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
