නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු කල්පිටිය – සින්නපාඩු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී ඩිංගි බෝට්ටු 4ක් තම භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
