Gossips

නීතිවිරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන සමඟ තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි සහ ජංගම දුරකථන තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 , 41 සහ 48 යන වයස් වල පසුවන්නන් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.
මොවුන් සතුව තිබී දුම්වැටි 33,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 165 ක් සහ ජංගම දුරකථන දුරකථන 35 ක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දුරකථන වල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් වන අතර දුම්වැටි වල වටිනාකම රුපියල් එක් ලක්ෂ හැටපන් දහසක් පමණ වන බවයි රේගුව පැවසුවේ.