චීනයේ සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපල රේගුව සදහන් කළේ අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 22 ක් පමණ වන බවයි.
චීනයේ නිෂ්පාදිත දුම්වැටි 44,000 ක් අඩංගු කාටුන් 220 ක් එහිදී සොයා ගෙන තිබෙනවා.
