Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට- (ඡායාරූප)

දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා.
41 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය කියා සිටියේ.
ඩුබායි සිට දිවයිනට පැමිණි ඔහුගේ ගමන් මළු තුළ තිබී රුපියල් දහසය ලක්ෂ 28,000 ක් වටිනා මෙම දුම්වැටි තොගය සොයාගෙන තිබෙනවා.
එහි කාටුන් 148 ක දුම්වැටි 29,600 ක් තිබූ බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.