Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට – (ඡායාරූප)

ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දහසය ලක්ෂ විසිඅටදහසක් වන බවයි අනාවරණ වී ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.
සැකකරුගේ ගමන් මල්ලේ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 29,600 ක් අඩංගු වූ අතර දුම්වැටි කාටූන් 148ක් සොයාගෙන ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.