Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ (31) ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනෙක්.
ඔවුන් සතුව තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 14,500 ක් අඩංගු දුම්වැටි කාටූන් 72 ක් සහ තවත් පැකට් 10 ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 7,25,000 ක් පමණ වන බවයි රේගු නිලධාරින් කියා සිටියේ.