Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික යුවලක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික තරුණියක සහ තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චීනයේ බීජිං සිට අද අලූයම 5.50ට මොවුන් මෙරටට පැමිණි අවස්ථාවේදී ගමන් මලූ පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි කාට්න් 115 දුම්වැටි 23,000 ක් තිබූ බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මෙම විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක් වන අතර, විස්ස සහ 23 වන වියේ පසුවන මෙම සැකකරුවන් මෙරට චීන ව්‍යාපෘතියක සේවය කරන්නන් බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.