ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාටුන් 153ක තිබූ දුම්වැටි 30,600 ක් මෙලෙස රේගු භාරයට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් දහඅට ලක්ෂ තිස්හය දහසක්.
මෙම දුම්වැටි සමග අත්අඩංගුවට පත්ව ඇත්තේ රාගම පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකු බවයි රේගුව සදහන් කළේ.
