හිඟුරක්ගොඩ – රෝහල මංසන්ධියේ ගම්උදාව ප්‍රදේශයේදී නීතිවිරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි ගුවන් හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සන්තකයේ තිබී දුම්වැටි 8600ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 
සැකකරු සිය නිවසේ මෙම දුම්වැටි සඟවා තබා තිබෙනවා.



