Gossips

නීතිවිරෝධී ගිනි අවි 57000 ක් ඕස්ට්‍රේලියානු රජය භාරයට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව තුළ භාවිත වූ ගිනි අවි 57,000 ක අධික ප්‍රමාණයක් එරට රජය වෙත භාරදී තිබෙනවා.
ගිනි අවි ළඟ තබාගැනීමේ නීති දැඩි කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස රට තුළ භාවිත වන ගිනි අවි රජයට භාරදීමට මාස 3 ක පොදු කාලයක් ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත් කළා.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟයි ඕස්ට්‍රේලියාව තුළද නීතිවිරෝධී ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට එරට රජය පියවර ගත්තේ.