පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි නීතිවිරෝධී ගිනි අවි සෙවීමේ විශේෂ මෙහෙයුමක් අද සිට මාස 3ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.
රට තුළ නීතිවිරෝධී ගිනි අවි භාවිතය පිළිබදව සලකා බලා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
