Gossips

නීතිවිරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

නිකවැරටිය ගොන්නගස්වැව ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගලෑව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිම කරන ලද බෝර 12 ගිනි අවියක් සහ තවත් තුවක්කු බඳ කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු නිකවැරටිය ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, සමඟින් ද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර – කොටවිල ප්‍රදේශයේදියි.