Gossips

නීතිවිරෝධී ගංජා හේනක්‌ පොලිසිය වටලයි (ඡායාරූප)

තණමල්විල,හම්බෙගමුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වගා කර තිබු ගංජා හේනක් වටලා එක් සැකකරුවෙකු හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.
අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයකින් යුත් මෙම ගංජා හේනේ ගංජා පැල පන්දහසකට වඩා වගා කර තිබු බවයි පොලිසිය පැවසුවේ.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
එමෙන්ම ගංජා හේන පොලිසිය විසින් විනාශ කර තිබෙනවා.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

( ඡායාරූප – ජයන්ත වීරසේකර )