Gossips

නීතිවිරෝධී ක්‍රියාවල යෙදුනොත් ධීවර යාත්‍රා නියමුවන්ගේ බලපත්‍ර තහනම්

ධීවර කටයුතු සඳහා බලපත්‍ර ලබාගෙන එම යාත්‍රාවලින් නීතිවිරෝධී කටයුතුවල නිරතවන සියලූම ධීවර යාත්‍රා නියමුවන්ට නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙම බලපත්‍ර අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණය ගෙන ඇත්තේ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදියි.
එහිදී එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමටද තීරණය වූ අතර, ධීවර යාත්‍රා යොදාගනිමින් නීතිවිරෝධී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා වී තිබෙනවා.