Gossips

නීතිවිරෝධීව විදේශ මත්පැන් අලෙවි කළ 18 ක් අත්අඩංගුවට

දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මිරිස්ස සංචාරක කලාපය සහ ගාල්ල – කොටුව තුළ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස විදේශ මත්පැන් අලෙවි කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙසක් සමය වෙනුවෙන් ඊයේ සිදුකළ මෙම වැටලීමේදී සංචාරක ආපනශාලා 18 ක් පරීක්ෂාවට ලක් කළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එහිදී විදේශ මත්පැන් ලීටර් 73 කට වැඩි ප්‍රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.