Gossips

නීතිවිරෝධීව විදෙස් ගතවීමට සියඹලාණ්ඩුවේ ලැගුම්හලක සිටි විසිදෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශගතවීම සඳහා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව අද සිදුකළ මෙහෙයුමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් සතුව තිබූ වාහන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම මිනිස් ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුද තිස්සමහාරාම – පන්නෙගමුව ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.