Gossips

නීතිවිරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී අන්දමින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු එරටින් පිටුවහල් කර අද දිවයිනට එවා තිබුණා.
මෙම පුද්ගලයින් යාපනය සහ වවුනියාව ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් වන අතර ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් අද උදෑසන කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිස ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.