රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ කාන්තාවක් ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (09) අලුයම 4 ට පමණ මෙලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවක්.
අවුරුදු 45ක් වයසැති ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල
