Gossips

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා සාදන ලද ජීප් රථයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු කැළණිය – වේවැල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පානදුර – වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාළ ජීප් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.
එසේම මෙම ජීප් රථය ජපානයේදී සොරකම් කරන ලද ජීප් රථයක් බවත්, ඉන් පසුව කොටස් වශයෙන් මෙරටට ගෙන්වා ඇති බවත් අනාවරණ වී තිබෙනවා.
ජීප් රථයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු කිරිබත්ගොඩ – තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.