නීතිවිරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලු ධීවරයින් තුන් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය – මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදුකළ සෝදිසි කිරීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල 3ක්, මුහුණු ආවරණ 3ක් සහ පොකිරිස්සන් 31 දෙනෙකු සොයා ගැනුණා.
ඒ අතර සිටි ජීවි පොකිරිස්සන් 25 දෙනෙකු නැවත සාගරය වෙත මුදා හැරීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.
අවුරුදු 30, 39 සහ 40 වයස්වල පසුවන සැකකරුවන් මුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඉදිරි පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
