Gossips

නීතිවිරෝධීව පක්ෂීන් රැගෙන ආ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවේ (ඡායාරූප)

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී අන්දමින් පක්ෂීන් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු හලාවත – කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සඳහන්.
සැකකරු රැගෙන ආ ගමන් මළු කිහිපයක ලව් බර්ඞ් වර්ගයේ පක්ෂීන් 10 දෙනෙකු සහ ගිරව් විශේෂයකට අයත් පක්ෂීන් 17 දෙනෙකු කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩු තුළ බහා මෙරට රැගෙන විත් තිබුණා.
වනජීවි සහ වෘක්ෂ ලතා ආඥා පනත යටතේ සජීවි පක්ෂීන් මෙරටට ආනයනය කිරීම සඳහා සැකකරුට නිසි බලපත්‍ර නොතිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගුව විසින් පක්ෂීන් රාජසන්තක කර අදාළ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරනු ලැබුවා.
සත්ව නිරෝධායන ආයතනයේ අධීක්ෂණය යටතේ මෙම පක්ෂීන් නැවතත් සිංගප්පූරුව වෙත ප්‍රතිඅපනයනය කරන ලෙස ද රේගුව නියෝග කර තිබෙනවා.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල