Gossips

නීතිවිරෝධීව ධීවර යාත්‍රාවකින් ප්‍රංශයට ගිය පුද්ගලයන් 72 දෙදෙනෙකුට සිදුවූ දේ

ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් හෙට දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට ගෙන එන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රංශ රජයට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයිනට නීතිවිරෝධිව ගිය ශ්‍රී ලංකිකයින් 70 දෙනෙකු මෙලෙස රැගෙන එන බවයි එහි අධ්‍යක්ෂ මෙහෙයුම් කල්‍යාණී හේවාපතිරණ කියා සිටිියේ.
පසුගිය ජනවාරි 24 වනදා අඩි 60ක දිගකින් යුත් ධීවර යාත්‍රාවකින් පුද්ගලයින් 72 දෙනෙකු හලාවතින් පිටත්ව රීයූනියන් දිවයිනට ළඟා වී ඇත්තේ පෙබරවාරි 04 වනදායි.
ඔවුන් සම්බන්ධයෙන් සියලූ විස්තර මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය ලැබී ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් කල්‍යාණී හේවාපතිරණ සදහන් කළේ.
එමෙන්ම එම පිරිස අතර කුඩා දරුවන් 05 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු ද සිටින බවයි ඇය සඳහන් කළේ.