උත්සව සමයේදී අලෙවි කිරීමට රැගෙන ආ දුම්වැටි 83,380 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් එක් ලක්ෂ 69,000ක් පමණ වන බවයි ගුවන්තොටුපල රේගුව ප්රකාශ කළේ.
ගමන් මළු තුළ සගවා ගෙන මෙම දුම්වැටි තොගය රැගෙන ආ සැකකරුවන් වේවැල්දෙනිය සහ මාතර යන ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
