නීතිවිරෝධී අන්දමින් ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී දුම්වැටි කාට්න් 153 ක් සොයාගෙන ඇති බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 1,530,000 ක් පමණ වනවා.
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු මේ වනවිට රේගු භාරයට ගෙන ප්රශ්න කිරීම් ආරම්භ කර ඇති බව සඳහන්.