Gossips

නීතිවිරෝධීව ගිනි අවි නිපද වූ පුද්ගලයෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

ඇල්පිටිය – නුගේතොට ප්‍රදේශයේ ගරාජයක මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දහවල් සිදුකරන ලද මෙම වැටලීමේදී සැකකරු විසින් ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අති නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි සම්බන්ධ වීඩියෝ නරඹා ඒ හා සමානව ගිනි අවි නිෂ්පාදනය කිරිමේ හැකියාවක් මොහුට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස නිෂ්පාදනය කළ ගිනි අවි කුමන පුද්ගලයන් අතට පත් කළේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර, කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේදී ටී – 56 පතොරොම් 17ක්, ශරීරයේ සඟවාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.