Gossips

නීතිවිරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධි අයුරින් එළ ගවයින් හයදෙනෙකු මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රවාහනය කළ කැබ් රථයක් සහ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (10) රාත්‍රියේදී මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුදුකුඩිඉරිප්පු පොලිසියට අනියුක්තව සේවය කරන අයෙක් බවත් අත්අඩංගුවට ගැනීම සිදුවු අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති බවද වාර්තා වනවා.
සැකකරු සහ පොලිස් භාරයට ගත් කැබ් රථය සමඟ එළ ගවයින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙහෙයුම සිදුකළ අවස්ථාවේ පළාගිය පිරිස් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මුල්ලියාවේලි පොලිසිය සදහන් කරනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය