Politics Sri Lanka

‘නීතිය හා සාමය’ රංජිත් මද්දුම බණ්ඩාරට

‘නීතිය හා සාමය’ රංජිත් මද්දුම බණ්ඩාරට නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.අමාත්‍ය සාගල රත්නායක මහතා මීට පෙර එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර පසුගිය දා සිදු කළ කැබිනට් සංශෝධනයේ දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා.