Gossips

නීතිය හා සාමය අමාත්‍යාංශය ගැන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර බලාපොරොත්තුවෙන්

නීතිය හා සාමය අමාත්‍යාංශය ඉදිරියේදී තමන්ට හිමිවනු ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ඊයේ මහනුවරට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
එම අවස්ථාවට ඇමතිනි තලතා අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ඔවුන් පළමුවෙන් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් මුණගැසුණා.