Gossips

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යධුරය රංජිත් මද්දුම බණ්ඩාරට (ඡායාරූප)

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර අද(08) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
දැනට ඔහු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරන්නේ.
පසුගිය දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අතර එය තාවකාලික පත්වීමක් බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.