මෙරට නීතිය පගාවට යටවී ඇතැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළ කරමින්.
හංවැල්ල – පහත්ගම ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.
