Gossips

නීතියෙන් එන්න, තනතුරු අත්හරින්න සුදානම් – අගමැති මහින්ද

නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලහත්කාරයෙන් තමන් සිය ධුරයෙන් ඉවත් කිරීම පහසු නොවනු ඇති බවයි.
එසේම තමාගේ ධුරය වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළා.