Gossips

නීතියට අනුව, විසදුම් ලබාදෙන බව අධිකරණ ඇමතිනිය කියයි

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග, කාන්තා රැදවියන් පිරිසක් සිදුකරන විරෝධතාව සම්බන්ධයෙන් නීතියට අනුව විසදුම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ ප්‍රකාශ කළා.
අද උදෑසන සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැගී කාන්තා රැදවියන් දස දෙනෙකු පමණ විරෝධතාවක් ආරම්භ කළේ තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.
කෙසේ වෙතත්, රත්නපුර – නිවිතිගල – තුත්තිරිපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විෂය භාර ඇමතිනිය කියා සිටියේ කුමන ඉල්ලීම් සිදුකළත් නීතියට අනුව කටයුතු කරන බවයි.