Gossips

නීතිපති සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉදිරි පක්ෂ නායක රැස්වීමට

මීළඟ පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා කැඳවීමට පක්ෂ නායකයින් එකඟත්වය පළ කර තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීම පැවැත්වුණු අතර, එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.