Gossips

නීතිපති දෙපාර්තමේන්තුවට තවමත් එස්.ටී.එෆ්. ආරක්ෂාව

නීතිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව යොදවනු ලැබූ බවයි.
ඊයේ (02) පස්වරුවේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.