Gossips

නීතිපතිගේ අයිතිය අභියෝගයට ලක් නොකල යුතුයි – නීතිඥ සංගමය

නීතිපතිවරයාට තම වෘත්තීයට අනුව මතයක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය කිසිවිටෙකත් අභියෝගයට ලක් නොකල යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු A.H.M.D. නවාස් යන මහත්වරුන් පසුගිය සමයේ නීතිපති හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුර හෙබවීමේදී දුන් වෘත්තීමය උපදේශනයන් සම්බන්ධයෙන් පවරා ඇති අපරාධ නඩු පිළිබදව අදහස් දක්වමින් එම සංගමය මේ අදහස් පලකළා.
– නීතීඥ අමල් ඒ. රන්දෙනිය – ලේකම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය
– හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු A.H.M.D. නවාස් මහතාට එරෙහිව ආරම්භ කර ඇති අපරාධ නඩු ක්‍රියාවලිය තනි පුද්ගලයෙකුට විරුද්ධව කරන ලද්දක් නොව මුළු මහත් නීතිඥ ප්‍රජාවට, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය හා මහජනතාවගේ සුභසාධනය සදහා බලපෑම් කරන කරුණක් බව සදහන් කර සිටිමු. අපි කියන්නේ නීතිපතිතුමාට තමන්ගේ මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. එහෙම නැත්නම් ඔහුගේ අභිමතය ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. තමන්ට බයක් ඇතිවෙනවා අපි කරන මතය පසුකාලීනව අපට විරුද්ධව මෙය භාවිතා කරන්න පුළුවන් නේද කියලා මෙවැනි අපරාධ නඩු ක්‍රියාවලියක් තුලින්. අපි කියන්නේ ඒක කරන්න එපා.