Gossips

නීතිඥ සංගම් නිලවරණය අදයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිළවරණය අද දවස පුරා කොළඹ ඇතුළු දිවයිනේ ඡුන්ද මධ්‍යස්ථාන 83කදී පැවැත්වෙනවා.
සංගමයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ තරඟ වදින අතර, ලේකම් ධුරය සඳහා නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංගේ තරඟ වදිනු ඇති.
2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කර ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන නිළවරණයේ ප්‍රධාන තේරීම් භාර නිලධාරීවරයා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කටයුතු කරනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම උදෑසන 8 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති, ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කළේ.