Gossips

නීතිඥ සංගමයේ සභාපති ධූරයට දෙදෙනෙකු නම් දෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට තරඟ කිරීම සඳහා අද දින නීතිඥවරුන් දෙදෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ මහින්ද වී.කේ. ලොකුගේ මෙලෙස නාමයෝජනා භාර දී ඇති බවටයි වාර්තා වන්නේ.
මීට අමතරව ලේකම් ධූරය සඳහාද නීතිඥවරුන් වන කෞශල්‍ය නවරත්න සහ සමන් වැලිඅංගගේ අද නාමයෝජනා භාර දී තිබෙනවා.