මැදවච්චිය – රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ බෝගහවිල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාපැදියක ගිය පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ නීතිඥවරයෙකු පදවාගෙන ගිය සුඛෝපභෝගි ජිප් රථයක ගැටී ඊයේ (23) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව – රඹකුලම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අදාළ නීතිඥවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ රත්මල්ගහවැව – බෝගහවිල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙක්.
