Gossips

නි. ඇමති තෙවරප්පෙරුමගේ විරෝධතාව අවසන්

බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට ඇති වූ සිද්ධියක ප්‍රධාන සැකකරු වන තමා අත්අඩංගුවට නොගෙන වෙනත් පුද්ගලයන් තුන් දෙනෙකු පොලිස් භාරයට ගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.
ඒ, පොලිස් භාරයට ගත් පුද්ගලයින් තුන්දෙනා පොලීසිය මුදා හැරීමට පියවර ගැනීමත් සමඟයි.
තමා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අමාත්‍යවරයා අද උදෑසන බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට දී මෙලෙස විරෝධතාව ආරම්භ කළා.
සිය පාක්ෂිකයෙකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
එහිදී සිද්ධියට අදාළව සැකකරුවන් 36 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකුයි අද උදෑසන පොලිස් භාරයට ගෙන ඇත්තේ