Gossips

නිළ නිවාස භාර නොදුන්, ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නඩු

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ඇමති ධුර දරන සමයේ ලබාදුන් නිල නිවාස නැවත භාර නොදීම හේතුවෙන් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙලෙස නිල නිවාස භාරනොදුන් පිරිස අතර, රාජ්‍ය නිලධාරීන්ද සිටින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔවුන්ට එම නිල නිවාසවලින් ඉවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය මීට පෙර ලිඛිතව දන්වා තිබුණා.
පසුගිය කාලසීමාව තුළ නිල නිවාස නැවත භාර නොදුන් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මේ වනවිටත් නිල නිවාස භාවිත කරන බවයි වාර්තාවන්නේ.
අප මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ තවත් මාස දෙකක කාලයක් තුළ තමන් නිල නිවාසයෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි.