Gossips

නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක පැටලූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සොහොයුරා අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට හේතු වූ කුමන්ත්‍රණය සිදුකළ බවට ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජා එරට ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිඩ්නි නුවර දී අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරන බව ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළා.
නිසාම්ඩීන් ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිවරයා ඇතුළු ප්‍රභූන් ඝාතනය කිරීමටත් සිඩ්නි නුවර මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමටත් සැලසුම් කළ බවට අත්අඩංගුවට ගෙන මාසයකට අධික කාලයක් රදවාගෙන සිටියා.
පසුව නිර්දෝෂීභාවය අනාවරණ වීමෙන් ඔහු නිදහස් කරනු ලැබුවා.