Gossips

නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩිවෙයි

සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.1 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේදී 58.2 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව අදාළ කාලය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව මහබැංකුව ප්‍රකාශ කළා.
එසේම, දර්ශකාංක 2.5 කින් ඉහළ ගිය සේවා අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේ සටහන් වුණේ 55.5 ක් ලෙසයි.
බින්දුවේ සිට සියයක පරාසය දක්වා විහිදෙන මෙම දර්ශක අගය 50ට ඉහළ නම් එය අදාළ ක්ෂේත්‍රයේ වර්ධනයක් ලෙස ද 50 ට අඩු නම් එය සංකෝචනයක් ලෙස ද සැලකෙනවා.