Gossips

නිෂ්පාදන කටයුතු පසුබෑමකට ලක්ව ඇති බව මහබැංකුව කියයි

මෑත කාලීන දර්ශක අනුව පසුගිය මාසයේ ගෝලීය නිෂ්පාදන කටයුතුවල පසුබෑමක් පෙන්නුම් කරන බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.
යුරෝපා කලාපය සහ එංගලන්තය තුළ එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සඳහන්.
කෙසේ වෙතත්, ඇමරිකාව, චීනය, ඉන්දියාව සහ රුසියාව එහිදී සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් තුළ ගෝලීය සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වී තිබීම ද විශේෂත්වයක්.