Gossips

නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය ඊයේ පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව දිවා ආහාරය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසට ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම චෝදනා කරනවා.
ඔහු මේ අදහස් පළකළේ ඊයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර අනතුරුව ඊට එක් වූ එම පක්ෂ නියෝජිතයින් මාධ්‍යට අදහස් පළ කළා.