Gossips

නිවුන් බිළිඳුන් පොහොර උරයක දමා, රෝහල් ගත වූ මව අත්අඩංගුවට

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක සිටි මවක් නිවුන් බිළිඳුන් දෙදෙනෙකු බිහි කර, පොහොර උරයක දමා රෝහල් ගත වූ පුවතක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ 30 හැවිරිදි මෙම මව හෝමාගම මූලික රෝහලට ඇතුළත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.
ඇය ඊයේ දින තමාගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වන බව පවසා හෝමාගම රෝහලට ඇතුළත් වී තිබෙනවා.
පසුව වෛද්‍යවරුන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු අනාවරණ වී ඇත්තේ ඇය නිවසේදී නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කර ඇති බවටයි.
අනියම් ඇසුරකින් මෙම දරුවන් පිළිසිද ඇති බවත්, අවුරුදු 5ක පමණ තවත් දරුවෙකු තමාට සිටින බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
පසුව පොලීසිය ඇය විසූ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී පොහොර උරයක දමා තිබූ නිවුන් දරුවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.