Gossips

නිවාස 3 කින් පෞරාණික වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමා 3 ක් සොයාගැනේ

ගලෙන්බිඳුණුවැව – උපුල්දෙණිය ප්‍රදේ්ශයේ නිවාස 3 ක සඟවා තිබූ පෞරාණික වටිනාකමකින් යුත් ලෝහ සහ කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා 3 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම බුද්ධ ප්‍රතිමා සොයාගෙන ඇත්තේ ප්‍රදේශයේ පෙදරේරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් තුන්දෙනෙකුගේ නිවෙස්වල සඟවා තිබියදියි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.