නිවාසාන්තර ක්‍රීඩා තරඟවලට එක්වන පාසල් සිසුන් වැඩිපුර දියර වර්ග භාවිතා කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.
මේ දිනවල රාත්‍රි කාලයේ පවතින ශීත කාලගුණය සහ ක්‍රීඩාංගන ආශ්‍රිතව පවතින දුවිලි සහිත ස්වභාවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
