පාසල් නිවාඩු සමයේ දරුවන් සමග විනෝද චාරිකාවල නිරත වන දෙමව්පියන්, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය බලධාරින් පවසනවා.
විශේෂයෙන් පිටතින් ආහාර ලබා ගැනීමේදී ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ පාචනය වැනි රෝග තත්ත්වයන් නිසා පාසල් නිවාඩු කාලය තුළ වැඩි වශයෙන් ළමයින් ප්‍රතිකාර සදහා යොමුවන බවයි.
ඉන් මිදීම සදහා හැකිතාක් දියර ආහාර දරුවන්ට ලබා දෙන ලෙස ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා.
