සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණි තරුණයන් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් මුලස්ථාන පොලිසිය ඊයේ උදෑසන සිට පස්වරු 6 දක්වා හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.
ගංජා ළග තබා ගැනීම සහ නීති විරෝධී දුම්වැටි ළග තබා ගැනීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි.
අවුරුදු 20 සහ 25 අතර වයස්වල පසුවන මෙම තරුණයන් කොළඹ, ගාල්ල, මාතර සහ මහනුවර ඇතුලු ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම පිරිස අද හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
